ඉවත් කිරීමට එරෙහිව අමරවීර, ලසන්ත සහ දුමින්දගෙන් දැඩි තීරණයක්..!
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බවයි.
අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි.
ඒ අනුව, මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට පත්කර තිබේ.
එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කළේය.