මම 'ආන්ටි' නෙවෙයි; තමන්නාට කේන්ති ගියාද ? කියවලම බලන්න කෝ

By Gagana News Mar 05, 2025 11:17 AM GMT
Report

තමන්නා භාටියා කොලිවුඩයේ සිට බොලිවුඩයට ආගමනය වූ සුන්දරතම ඉන්දීය නිළියන්ගෙන් කෙනෙකු වන්නා සේම සාර්ථකත්වයටද පත් වූ නිළියකි.

සිනමා කර්මාන්තයේ බොහෝ කාලයක් සපුරා තිබෙන තමන්නා පසුගියදා ඉන්දීය සිනමාවට අලුතෙන්ම ආගමනය වන ජනප්‍රිය නිළි රවීනා තන්ඩන්ගේ දියනිය රාශා තඩානිට "මම ආන්ටි නෙවෙයි" යන්න පවසා තිබිණි.

ඡන්දයට දේශපාලන පක්ෂ 3ක් ඇප තියයි

ඡන්දයට දේශපාලන පක්ෂ 3ක් ඇප තියයි

ඒ ඔවුන් දෙදෙනා අතර සිදු වන සාකච්ඡාවක් අතරදී රාශා ක්ෂේත්‍රයේ අයකු ගැන 'ආන්ටී' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම හේතුවෙනි. බොහෝ විට ඒ තමන්නා සමග සම මට්ටමේ හෝ ඊට ජ්‍යෙෂ්ඨ මට්ටමක කටයුතු කරන අයකු ගැන විය හැකිය.

එහිදී තමන්නා රාශාට පවසා සිටින්නේ, "ආන්ටී නෙවෙයි ඒ. ඔයත් දැන් ආන්ටී කෙනෙක් වෙනවා" යනුවෙනි. කෙසේවුවත් පුවත් වාර්තාවල මාතෘකාව තරමට මෙම සංවාදය සහිත වීඩියෝව තුළ බරපතල කාරණයක් නොවන බව පෙන්නුම් කරන්නේ තමන්නා සහ රාශා මිත්‍රශීලීව එකිනෙකා කතාබහ කරමින් සිටීම හේතුවෙනි.

එහිදී තමන්නා සිදු කරන්නේ 'ආන්ටී' යනුවෙන් පැවසීම ක්ෂේත්‍රයට ගැලපෙන්නක් නොවන බව රාශාට ආදරයෙන් කියා දෙමින් ඇයව වැළඳ ගැනීමය.

ජ්‍යෙෂ්ඨයකු හැටියට සිනමාවට අලුතෙන් එක් වන නිළියකට ආදරයෙන් යමක් කියා දීම පිළිබඳවද තමන්නා ඇගයීමට ලක්ව තිබිණි. රාශාද සිනහමුසු මුහුණින් තමන්නාගේ කතාව පිළිගෙන ඇය වැළඳගෙන තිබිණි.

තමන්නාද නොකියා තමන්ද 'ආන්ටී' නොවන බව මේ සමග පවසා තිබෙනවා විය හැකිය.