ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සොදුරු යුවතිය

Report

මේ ඇලීසාගේ ඒ කතාව ආරම්භ වෙන්නේ ඇයට වයස අවුරුදු 3ක් වගේ ඉතාම කුඩා කාලෙකදී. එයා පුංචි කාලයේ "The Backyardigans" කියන කාටූන් එක බලපු එක තමයි කලේ. ඉතිං මේ පුංචි ඇලීසා, ඒකේ තියෙන අඟහරු ලෝකය ගැන කියවෙන කොටසක් දැකලා තමන්ගේ තාත්තගෙන් මෙන්න මේ විදිහට අහලා "තාත්තේ මට අඟහරු ලෝකයට යන්න පුළුවන්ද?" කියලා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දෙන උත්තරය වෙන්නේ "ඔව් පුතේ ඕකට මොකක්ද" වගේ සැහැල්ලු කතාවක්. ඒත් තාත්තා මේ ගැන සරළව හිතුවෙ නැහැ මොකද තාත්තා මේ අහපු ප්‍රශ්නෙ බරපතලකම හොදටම දන්නවා.

පුංචි කාලේ ඒ විදිහට කියපු හීන දැකපු ඇලීසා අදවනකොඅ මුළු ලෝකෙම අවධානය දිනාගත්ත කෙනෙක් ඒකට හේතුව වෙන්නේ නාසා (NASA) ආයතනය පවා නිල නොවන මට්ටමින් පිළිගන්නා දක්ෂතම අනාගත අභ්‍යවකාශගාමිනියක් ඇයව ඇගයීමට ලක් කිරීම. ඒ වගේම ඔයාලා දන්නවද අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඇයව "Blueberry" කියන නමින් තමයි ගොඩක් දෙනෙක් දන්නේ. ඔයාලට හිතාගන්න බැරි විදිහට තම ජීවිතේම තමන්ගේ හිනය වෙනුවෙන් කැපකරපු කෙනෙක් තමයි ඇලීසා ඇය ලෝකයේ නාසා අභ්‍යවකාශ කඳවුරු (Space Camps) 03 ම සම්පූර්ණ කරපු පළමු කාන්තාව විදිහටත් හදුන්වනවා. ඒ වගේම නාසා ආයතනයේ "Passport Program" එක යටතේ තියෙන මධ්‍යස්ථාන 14 ටම ගිය ලොව එකම තැනැත්තියත් ඇය කියලයි වාර්තා වෙන්නේ.

ඇලීසගේ කතාවෙ සංවේදීම තැන තමයි ඇලීසා සූදානම් වෙන්නේ 2030 දශකය මැද භාගයේදී අඟහරු ලෝකය බලා යන පළමු මිනිස් මෙහෙයුමට දායක වෙන්නයි නමුත් අඟහරු ලෝකයට යන ගමන කියන්නේ පෘථිවියේ ඉඳලා මාස 7ක විතර අතිශය දුෂ්කර වුන ගමනක් වෙනවා. ගොඩක් විද්‍යාඥයන් කියන්නේ අඟහරු වෙත යන පළමු කණ්ඩායමට නැවත පෘථිවියට ඒමට ඇති ඉඩකඩ ඉතාම අඩුවන බවයි. ඒ කියන්නේ ඒ ගමන "නැවත නොඑන ගමනක්" වෙන්න පුළුවන් . ජීවිතේ මේ වගෙ තීරණ ගන්න හිතන්න කොයිතරම් හිත හයිය වෙන්න ඕනෙද ඒත් ඇලීසා මේ බව දැන දැනම ඒ අභියෝගය භාරගෙන තියෙනවා. ඇය තමන්ගේ තාරුණ්‍යය, පවුල, විවාහය, සහ පෘථිවියේ තියෙන සුවපහසු ජීවිතය මේ හීනය වෙනුවෙන් කැප කරන්න සූදානම් වෙලයි ඉන්නේ. ඇය කියන්නේ "මට ඕනෙ අඟහරු ලෝකයේදී අලුත් දෙයක් සොයාගන්න.

ඒක මගේ පෞද්ගලික ජීවිතයට වඩා ලෝකයට වටිනවා." කියලයි. ඇලීසා ගොඩක් සුන්දර තරුණියක්. ඒ වගෙම හැම දේකටම වඩා තමන්ව විශ්වාස කරන කෙනෙක්. ඇයට මේ වන විට භාෂා 4ක් (ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ සහ චීන) කතා කරන්න පුළුවන් කෙනෙක්. ඇය මේ විදිහට භාෂාවන් කිහිපයක් පුරුදු වුණේ අඟහරු මෙහෙයුමකදී ලෝකයේ විවිධ රටවල් වල පුද්ගලයන් සමග වැඩ කරන්න පහසු නිසා ඔබ දන්නවාද ඇය දැනටමත් ගුවන් නියමු බලපත්‍රයක් හිමි කරගෙන ඉවරයි.

ඇත්තටම ජීවිතේ තමන්ගේ හීනවලට යන්න තමන් ගැහැණුද පිරිමිද කියන එක අදාළ නොවන බව ඇය ඔප්පු කරලා ඉවරයි. අපිටනම් හිතාගන්න අපහසුයි ඇයට මේ ගමන යද්දී තමන්ට ආයේ එන්න පුළුවන් වෙයිද කියලා විශ්වාස නැති ගමනක් ඇය යන්න හිතේ ශක්ති‍ය මොනවගේ වෙන්න ඕනේද? නමුත් මේ ඇලීසාගේ ධෛර්මත් පියවර අඟහරු මතුපිට තබන පළමු පියවර මිනිස් ඉතිහාසය වෙනස් කරන්නක් වේවි. ඉතිං හිත හයිය සොදුරු යුවතිය සුබපැතුම් 

GalleryGalleryGallery