විදේශ ඇමති අලි සබ්‍රි හමුවූ විශේෂ පුද්ගලයා...
විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ නේපාල ජනාධිපති Ramchandra Paudel අතර හමුවක් සිදුව තිබෙනවා.
වාර්තා වන්නේ, එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සංස්කෘතික සබඳතාව පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව අදාළ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද එම හමුවේ දී අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම දෙරට අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇති බව සඳහන් වනවා.