විදේශ ඇමති මැද පෙරදිග තත්ත්වය පිලිබඳ සහතික කරයි...

Report

 අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව ය.

එමෙන් ම, ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව ද එතුමා සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ය.