ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ඕස්ට්‍රේලියාවට ගංවතුර අවදානමක්!
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව කඩා වැදෙනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පවසනවා.
ඒ අනුව එම සුළි කුණාටුව හේතුවෙන් දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇති බවටයි මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ.
දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වීම නිසා දැඩි ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම පැයට කිලෝමීටර 85 දක්වා තද සුළං ඇති වීමටද හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට සිය නිවෙස්වල රැඳී සිටින ලෙසටද දැනුම් දී තිබෙනවා.
එසේම, මේ වන විටත් එරට පාසල්, පොදු ප්‍රවාහන සේවා සහ ගුවන් සේවාවන් ද තාවකාලිකව නතර කිරීමටත් පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට අමතරව සුළි කුණාටුව හේතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර ගුවන්තොටුපලවල්ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
