මොහුව දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ඉකුත් පෙබරවාරි 13 වන දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජන සහය අපේක්ෂා කරයි.
ඒ අනුව, සැකකරුගේ වර්තමාන ස්වරූපය පෙන්වීමට AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක්ද පොලිසිය මඟින් නිකුත් කර ඇත.
අඳාළ සැකකරු සම්බන්ධයෙන් සඳහන් කර ඇති තොරතුරු අනුව,
උස: අඩි 05 අඟල් 05 ක් පමණ
වයස: අවුරුදු 44 ක් පමණ
කළු පැහැති ශරීර වර්ණයක් සහිත අතර, ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකින් යුක්ත අතර, දකුණු පස කම්මුලට පහළින් මුහුණේ කැපුම් තුවාල කැළලක් පවතින බවත් සඳහන්.
එබැවින් මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් දන්වා සිටියි.
නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත උතුර) 071-8598008
කොට්ඨාස භාර නිලධාරී (නුගේගොඩ) 071-8591641
අධ්‍යක්ෂ (බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය) 071-8592279