තම ස්ථාන මාරුවට විරෝධය පෑ අජිත් රෝහණ.
ස්ථාන මාරු කිරීම පිළිබද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ කිසිදු බලයක් නොමැති බවට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත දැනුම් දී තිබෙනවා.
ලිපියක් මඟින් ඔහු ඒ බව දන්වා ඇති අතර අදාල නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් එහි සඳහන් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සත් දෙනෙකු පොලිස් කොමිසම විසින් වහාම බලාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ඊයේ (25) නියෝග නිකුත් කරනු ලැබුවා.
එහෙත් එයට එක හෙළා තම විරෝධය පෑ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ලිපියක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරය්ට පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමේ බලය පවරා ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත්ය.
අජිත් රෝහණ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |