අජිත් රෝහණගේ ස්ථාන මාරුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

By Sewvandhi Jul 17, 2023 08:01 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා  ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අද (17) මෙම පෙත්සම  ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.