අජිත් රෝහණට සිදුවූ අසාධාරණයට විසදුම දෙන විදිය කියයි..

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නැඟෙනහිර පළාතේ රාජකාරි භාරගෙන ඉන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් අජිත් රෝහණ මහතාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

තමන් හිටි හැටියේම නැඟෙනහිර පළාතට මාරු කිරීම අසාධාරණ බව කියමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරමින් සාධාරණයක් ඉල්ලා සිටියා.

එමෙන්ම එම මාරු කිරීම පිළිනොගැනීමට ද අජිත් රෝහණ මහතා කටයුතු කර තිබුණා.

නැඟෙනහිර පළාතට සිදුකළ මාරු කිරීම පිළිනොගැනීම නිසා අජිත් රෝහණ මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරුණා.