සජිත් හා දීගේ මාන්නප්පෙරුමට එපාවෙයි..දැඩිව කලකිරී හදිසියේම මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළ දේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බවයි.
ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ.
"මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.
මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලනවා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මම නාමයෝජනා අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා".