සටන් විරාමය නොතකමින් සුඩානයේ කාටූම් අගනුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
අගනුවර තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සදහා ප්‍රතිවාදී හමුදා කණ්ඩායම් පළවා හැරිමට එම ප්‍රහාර එල්ල කළ බව සුඩාන රජයේ හමුදාව ප්‍රකාශ කරයි.
දෙපාර්ශවය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදි එම ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රහාරවලින් කාටුම් අගනුවර ගොඩනැගිලි ගණනාවක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
සුඩාන රජයේ හමුදාව සහ ප්‍රතිවාදී හමුදා කණ්ඩායම් අතර දින ගණනාවක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 500කට අධික බවයි විදෙස් වාර්තා පසන්නේ.
යුද ගැටුම් හේතුවෙන් කාටුම් අගනුවර තුළ පුද්ගලයින් මිලියනය ගණනක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |