ගුවන් තොටුපොළේ ලොකු කලබලයක් - මෙන්න හේතුව
2025 වසරට අදාළ ප්‍රසාද දීමනා නොලැබීම සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සේවකයන් අද (29) දිනයේ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රසාද දීමනා ලෙස සේවකයන්ට මූලික වැටුප් පහක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීම් කර සිටියහ.
මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
උද්ඝෝෂණය අතරතුර අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා සඳහන් කළේ, ගුවන් තොටුපොළ සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 21ක ශුද්ධ ලාභයක් ලබා ඇති පසුබිමක, සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප් දෙකක් පමණක් ලබාදීම අසාධාරණ බවයි.
ඒ අනුව මෙම තීරණය යළි සලකා බැලිය යුතු බවත්, අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් හෝ අමතරව ලබාදීමට පියවර ගන්නා ලෙසත් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටියේය.