රට යන අයට සුභ පණිවුඩයක්..ගුවන් ටිකට්පත් මිල තවදුරටත් අඩු කෙරේ.
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය අඩු වීමට සමානුපාතිකව ගුවන් ටිකට් පත්‍රවල මිල ගණන් අඩු කරන ලෙස තමා ශ්‍රී ලංකාවේ පිහිටි ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව දැනටමත් 20% පමණ ගුවන් ටිකට්පත් මිල අඩු කර ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. ඇමැතිවරයා මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන්සේවා සමාගම්වල නියෝජිතයින් සමග පසුගිය 17 වැනිදා පැවැති විශේෂ සාකාච්ඡාවකදීය.
වත්මන් ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් සමගම සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා 07ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයා පවසා තිබේ.
මෙහිදී ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ දැනටමත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ යම් මගී තදබදයක් ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ භූමි මෙහෙයුම් (Ground Handeling)වල යම් ප්‍රමාදයන් ඇති බවයි.
ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කළ අතර, භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහීදී සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
