එයාර් බස් ගනුදෙනුවේ විමර්ශන තවත් උණුසුම් වෙයි - විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනපති ලේකම් පී. බී. ජයසුන්දරගේ නිවසට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ 'එයාර් බස්'ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදුකෙරෙයි.
එබැවින් ඊට අදාළව, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ආචාර්ය පී. බී. ජයසුන්දරගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඒ අනුව විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙසේ පැය 4 කට ආසන්න කාලයක් පුරා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.