ගුවන් ගමන් පාලක අර්බුදය උඩු දුවයි - ආධුනිකයන් 50 කට මෙන්න අවස්ථාවක්.

Bandaranaike International Airport Sri Lanka Airport Jaffna International Airport Ratmalana Airport Mattala International Airport
By Wayomi May 08, 2023 09:07 AM GMT
Wayomi

Wayomi

Report

ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වන විට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති අතර දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා.

කටුනායක, මත්තල, රත්මලාන, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවල ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ලබන 16 වනදා පුහුණුව සඳහා ආධුනිකයින් 50 දෙනෙකු බදවා ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW