දෙවියනේ..! 100කට අධික පිරිසක් මිය ගිහින්

Report

ගාසාහි අද (මැයි 15) මියගිය සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇති බව හමාස් සංවිධානය මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය 13 දෙනෙකු ද මිය ගිය සංඛ්‍යාවට අයත් ය.

ප්‍රහාරයෙන් යාච්ඥා ශාලාවක් සහ පුණ්‍යායතන සායනයක් පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවිය.

ගාසා තීරයට ආධාර ඇතුළු වීම ඊශ්‍රායල විසින් අවහිර කරනු ලැබීම අඛණ්ඩව පවතින අතරතුර මෙම ගුවන් ප්‍රහාර එල්ල විය.

එහි මානුෂීය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව විවිධ ආධාර ආයතන 10ක් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බැවින්, එහි වෙසෙන ජනතාවගෙන් අප වාර්තාකරුවන් වෙත කෙටි පණිවිඩ, හඬ සටහන් සහ ඡායාරූප ලැබෙමින් ඇත.