මේක නම් එච්චර හොද තත්ත්වයක් නෙවේ..මේ ප්‍රදේශ වල ඉන්න ඔයා ප්‍රවේසමෙන් ...
By Piyumika
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා.
එම සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 64 ත් 116 ත් අතර අගයක පැවතිය හැකි බවයි.
ඒ අනුව, ගාල්ල - කරාපිටිය, කුරුණෑගල, රත්නපුර - ගැටන්ගම, පුත්තලම, බදුල්ල සහ හම්බන්තොට වායු ගුණත්වය සුලු වශයෙන් අහිතකර තත්ත්වයක පවතිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වායු ගුණත්වය මධ්‍යම මට්ටමේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
You may like this video