වෙලා තියෙන දෙයක්.. තෝරාගත් පාසල් ටිකක් වසා දමයි.. නැවත දැනුම්දෙනකම් ඉගැන්වීම් මාර්ගගත ක්‍රමවේදයට..
By krishani
පවතින වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් අයහපත් තත්ත්වයට පත්ව තිබෙනවා.
ඒ ඉන්දියාවේ නවදිල්ලියේ ය.
ඒ හේතුවෙන් නගරයේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමා තිබෙනවා.
මේ අනුව නැවත දැනුම් දෙන තුරු ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට බලධාරීන් විසින් නිවේදනය කර ඇත.
ඒ බව ඉන්දීය වාර්තා සදහන් කළේ ය.
මෙම දිනවල නවදිල්ලි නුවර අවට ප්‍රදේශවාසීන්ට ශ්වසන අපහසුතා සහ ඇස්වල දැවිල්ල සහගත තත්ත්වයක් උද්ගතව ඇත.
කෙසේ වෙතත්, නගරවාසීන් චෝදනා කර ඇත්තේ, මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට බලධාරීන් තවමත් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොමැති බවයි.