මෙරට ඒඩ්ස් ආසාදනය 13%කින් ඉහළට.
2023 වසරේ පළමු කාර්තුවේ දී මෙරට ඒඩ්ස් ආසාදනය 13% කින් වැඩි වී ඇති බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ, පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.
මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව ඇහැක් ඇර බලන්නැයි ඉල්ලා සිටින ලෙසයි ඔහු එහිදී අවධාරණය කළා.
“අපි අයවැය බජට් ඔෆිස් ගැන කතා කරමින් ඉන්නවා.අනෙක් පැත්තෙන් ඒඩ්ස් වැඩි වෙලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.