ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

Report

ඊයේ (07) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ගාසාහි ළමා අරමුදලට ඇමරිකානු ඩොලර් පන් ලක්ෂ අනූදහසක් පලස්තීන රජය වෙත ලබාදීම සිදු කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පිහිටුවා තිබෙන මෙම අරමුදල ගාසා තීරයේ පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා ලබා දුන් බව වාර්තා වේ.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සෙයිඩ් ඇතුලු අදාළ නිලධාරීන් වෙත ලබා දී ඇත.