ආයේ උසාවිවල නඩු විසඳන්නෙ මෙහෙම - අලුත් ක්‍රමයක්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන පරිදි සෑම නීතිමය ලේඛනයක්ම ඩිජිටල්කරණය කිරීමට සහ AI කෘත්‍රිම බුද්ධි සහාය ඇතිව නඩු කළමනාකරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බවයි.
ඒ සඳහා අදාළ කටයුතු මේ වනවිට සකස් කරමින් සිටින අතර, නුදුරේදීම එය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
එසේම, ප්‍රජා පාදක ගැටුම් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සේවා සැපයීම මගින් සෑම මට්ටමකින්ම වගවීම සහතික කිරීම, සහ මහජන සේවයට ගෞරවය නැවත ගෙන ඒමටද කටයුතු සලසා ඇතැයි අමාත්‍යවරයා කීය.
නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ප්‍රජාවට කරන ලද සේවය සහ අධ්‍යාපනික සුදුසුකම් අනුව තෝරාගත් පුද්ගලයන් 114 දෙනකුට නව සාම විනිසුරු පත්වීම් ලබාදී ඇති අතර, එම අතර 40 දෙනා වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කර ඇත.
හර්ෂණ නානායක්කාර පැවසුවේ, සාමදාන විනිසුරු පදවිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවන බවත්, ශ්‍රී ලංකාව නැවත නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා නොව, විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණක් බවත්ය.