ගොවි ජනතාවට දැවැන්ත සුබ ආරංචියක් - වගා සහනාධාරය රුපියල් 60,000 දක්වා දෙගුණයකින් ඉහළට

Report

බෝග වර්ග 13ක් සඳහා දෙගුණයකින් ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වී ඇතුළු බෝග වර්ග 13ක් වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර දෙකක වගා බිම් වෙනුවෙන් රුපියල් 60,000ක සහනාධාරයක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

මීට පෙර මෙම සහනාධාරය ලෙස ලබාදුන්නේ රුපියල් 30,000ක මුදලක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, වගා සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

මේ අතර, මීට පෙර වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කළ ගොවීන්ට සහනාධාර හිමි නොවූ පසුබිමක, එම ගොවීන්ට ද සහනාධාර ලබාදීමට මෙවර කටයුතු කර ඇති බව නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ මඟින් බෝග වගාවේ නිරත ගොවීන්ට වැඩි මූල්‍ය සහනයක් සැලසීමට අපේක්ෂා කෙරේ.

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න