අවුරුදු 2500කට පසු අනුලා දේවී චෛත්‍යයෙන් මතු වූ ගල් මංජුසාවෙන් හමු වූ දේ. - " ඇත්තටම ආශ්චර්යයක්" - (VIDEO)

Government Of Sri Lanka History of Sri Lanka
By Wayomi Apr 15, 2024 06:09 AM GMT
Wayomi

Wayomi

Report

ලංකාවේ ප්‍රථම භික්ෂුණිය වන අනුලා මහ රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේ වැඩ වාසය කළ විහාරස්ථානය ලෙස සැලකෙන මිහින්තලය රජමහා විහාරයට අනුබද්ධ අනුලා දේවී චෛත්‍යයේ, කැණීම් කටයුතු සිය අනුදැනුමකින් තොරව ගිවිසුම්ගත වී, කිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි ප්‍රකාශ කරනවා.

2022 වසරේ ආරම්භ කෙරුණු මෙම චෛත්‍යයේ කැණීම්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටිනා පුරාවස්තු ද සොයාගෙන තිබූ බවත් එම පුරාවස්තුවලට සිදුවන දේ සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් උන්වහන්සේ අවධාරණය කර තිබෙනවා.

"මේකෙ තව මොන මොන වස්තු තියෙනවද කියලා අපි දන්නෙ නැහැ. හාරගෙන යනකොට මොනවා හරි වටිනා වස්තු මතු වෙන්න පුළුවන්. ඒවා සමහරක් ලේඛනගත වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒ හින්දා තමයි ගිවිසුම ගහලා තියෙන්නෙ මාව සම්බන්ධ කර ගන්නෙ නැතුව. බයිපාස් ක්‍රමයට තමයි ගිහින් තියෙන්නෙ.

මෙතන වැඩ පටන් ගත්තා. ධාන්තුන් වහන්සේලා හමු වුණා. වස්තූන් හමු වුණා. හැබැයි ගල් මංජුසාවක් තිබ්බා. බොහෝ අය කියනවා ඒකෙ මැණික් තිබ්බා, රත්තරං තිබ්බා කියලා. බලනකොට ඒකෙ පස් පුරවලා තමයි තිබිලා තියෙන්නෙ. අවුරුදු දෙදාස් පන්සීයකට පස්සෙ අලුත් පස් දාලා තිබුණු එක තමයි අපිට නිරීක්ෂණය වුණේ."


............................................................................

May you Like