අනවසරයෙන් මෙරටට ගෙන ආ අප්‍රිකානු කැලෑ බළලා...

By Parami Dissanayake Jul 07, 2024 01:20 PM GMT
Report

නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් ඇති බවට සැක කෙරෙන අප්‍රිකානු කැලෑ බළලෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට තිබෙනවා.

මෙම සතා මෙරට හඳුන් දිවියාට සමාන වන අතර යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ත්ව විශේෂය සුරතලයට ඇති කරනු ලැබේ.

එබැවින් ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීන් පැවසී ය.

එමෙන් ම, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම සතා ගෙනැවිත් ඇති බව ද නිලධාරින් වාර්තා කලේ ය.

කෙසේ වෙතත්, මෙම කැළෑ බළලා දෙහිවල සත්වෝද්‍යානය වෙත යවා ඇති බවට වාර්තා වේ.