ඇෆ්ගනිස්ථාන විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක

Report

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර්ඛාන් මුත්තාකි ඉන්දියාවේ සංචාරයක නිරත වේ .

වසා දමා ඇති කාබුල්හි ඉන්දිය තානාපති කාර්යාලය යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.

දෙරට අතර ආර්ථික, දේශපාලන සහයෝගීතාව වර්ධනය කර ගනිමින් මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම එම සංචාරයේදී සිදු වේ.

ඉන්දීය ව්‍යාපෘති ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබෙයි.

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.

මාස ගණනාවක් තිස්සේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කවයන් මෙම මොහොත සඳහා සූදානම් විය.

පළවෙනිදා ඉඳන් ට්‍රම්ප්ගෙන් තවත් 100%ක අමතර තීරුබද්දක්

පළවෙනිදා ඉඳන් ට්‍රම්ප්ගෙන් තවත් 100%ක අමතර තීරුබද්දක්

ජනවාරි මාසයේ සිට, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ජ්‍යෙෂ්ඨ අයිඑෆ්එස් නිලධාරි ජේ.පී. සිං ඇතුළු ඉන්දීය නිලධාරීන්, මුත්තකි සහ අනෙකුත් තලේබාන් නායකයින් සමඟ බහුවිධ සංවාද වටයක් පවත්වා තිබිණි.