ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය දෙයි

Report

ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම ණය මුදල ලබා ගැනීමට වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට 2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උපවැඩසටහන් 1ට අදාළ ණය සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

අඳාළ ණය මුදල ලබා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල එකඟතාවන් ද හිමිව ඇති බව සඳහන්.

එබැවින්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මඟින් ඉදිරිපත් කර ඇති නියමයන් හා කොන්දේසිවලට යටත්ව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...