යනවා කියපු අදානි රිටේන් එයි!
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් නැවත ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පෙබරවාරි මාසයේදී මෙම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කළ ද, ගාස්තු සම්බන්ධයෙන් දෙපාර්ශයම එකඟතාවකට එළඹීමේ හැකියාවක් පවතින බැවින්, ඒ අනුව සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.
වසර 20ක විදුලි බල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා මුලින් යෝජිත කිලෝවොට් පැයකට ශත ඩොලර් 8.26ක මිලට සාපේක්ෂව, ශ්‍රී ලංකාව මීට පෙර කිලෝවොට් පැයකට ශත 5-6 අතර ගාස්තුවක් ඉල්ලා සිටි නමුත්, දැන් තාවකාලිකව කිලෝවොට් පැයකට ශත 7ක් පමණ යෝජනා කර ඇත.
මෙම ව්‍යාපෘතියේ කටයුතු ජුනි මාසයේ මුලදී ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ඉන්දීය රජය ද සහයෝගය දැක්වීමට සූදානමින් සිටී.
