අදානි අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හරි..කොළඹ වරාය ව්‍යාපෘතියට කුමක් සිදුවේද..

Colombo Port of Colombo Sri Lanka Gautam Adani
By Piyumika Dec 11, 2024 06:20 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ.

ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට..

කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් අපේක්ෂා කල අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හැර දැමූ බව අදානි වරාය හා විශේෂ ආර්ථික කලාප සමාගම පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිත බවය.

යාළුවාව පොලිසියෙන් බේර ගන්න ගහපු අමුතු පහේ ගේම..අනේ ඇත්තට මෙහෙමත් වැඩ ..

යාළුවාව පොලිසියෙන් බේර ගන්න ගහපු අමුතු පහේ ගේම..අනේ ඇත්තට මෙහෙමත් වැඩ ..

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ සමාගමේ බහුතර කොටස් අදානි සමූහයට හිමිව තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා අමරිකාව මූල්‍ය දායකත්වය දැක්වීම සඳහා පසුගිය වසරේදී ගිවිසුමකට එළැඹුණි.

එහෙත් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකිරීම නිසා අදාළ මූල්‍යාධාරය ලැබීම අවිනිශ්චිතව තිබුණි.

එවන් පසුබිමක අදානි සමූහය මෙලෙස අදාළ ණය ගිවිසුමෙන් ඉවත් ව තිබේ.  

You may like this video

ReeCha