අදානි හදිසියේම ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි.

By Wayomi Feb 13, 2025 06:31 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇත.

ආරංචි මාර්ග පවසන්නේ, අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය "ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්" බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇති බවයි.