අදානි යනවා කිව්වට ගිහිල්ලම නෑ! ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Gautam Adani Kumara Jayakody
By Shehan Mar 08, 2025 07:45 AM GMT
Shehan

Shehan

Report

අදානි සමූහය ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘති තවමත් අවලංගු කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි.

තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවය.

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

නමුත් සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බැවින් ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

ලංකාවේ වැඩිම ඉල්ලුම වෙන අලුත්ම රේන්ජ් රෝවර්!

ලංකාවේ වැඩිම ඉල්ලුම වෙන අලුත්ම රේන්ජ් රෝවර්!

අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ, ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බවය.

ඒ හේතුවෙන්, අදාළ සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවත් ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

ReeCha