අදානි සමගම ලංකාවේ කරන්න යන දේ - විශේෂ අවසරයක් හිමිවෙයි..!

By Sewvandhi Feb 22, 2023 05:10 PM GMT
Report

 මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි.

මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි.

මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now