මැකෝ නාට්‍ය බලන්න එන කොට නලුනිළියෝ රග දැක්වීම් නතර කරලා..

Election Commission of Sri Lanka Matale Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 02, 2024 07:55 AM GMT
Piyumika

Piyumika

Report

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් එම ස්ථානයට ළඟාවන අවස්ථාවේදී නළු නිලියන් ඇතුළු එම පක්ෂයේ බලවතුන් පිරිසක් විසිර ගිය පුවතක් වාර්තා විය.

“සජිත් සහ අනුර අද දේශපාලන වේදිකාවල විවිධ පොරොන්දු දෙනවා. රෑ වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතුද කියා මම ජනතාවගෙන් අහනවා.”..

“සජිත් සහ අනුර අද දේශපාලන වේදිකාවල විවිධ පොරොන්දු දෙනවා. රෑ වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතුද කියා මම ජනතාවගෙන් අහනවා.”..

ප්‍රධාන පක්ෂයක ස්වාධීන අපෙක්ෂයකුට සහාය දැක්වෙන අයුරු ඇඟවෙන වීදි නාට්‍යයක් හා ඔහුගේ රුව රැගත් පෝස්ටර් අතැතිව එම ස්ථානයේ රැඳී සිටි ප්‍රබලයින් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන් පැමිණීමට පෙර එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ.

හිටපු ජනාධිපතිවරයෙක්ට අපහාස චෝදනා ..

හිටපු ජනාධිපතිවරයෙක්ට අපහාස චෝදනා ..

එම පිරිසට ආහාර ලබාදීමට සූදානමක් ඇති බවට මාතලේ මැතිවරණ පැමිණිලි ආරවුල් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ සහකාර ප්‍රධාන තේරීම් භාර නිලධාරී උත්පල ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් හා පොලිසිය සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කර අවස්ථාවේදී එම ස්ථානය තුළ එවන්නක් සිදු නොවූ බැවින් එම ස්ථානයෙන් පිටතට පැමිණ සුළු මොහොතකට පසු සංචාරක ‌හෝටල් පාසල් ශ්‍රවණාගාරය ඉදිරිපිටදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් පවත්වන බවට නැවතත් ඔහුට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැවතින අවස්ථාවේදී වීදි නාට්‍යයේ නියැළී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්ව මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට ලැබුණි.