නුවරඑළිය, කඳපොළ බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පෙරපාසැල් දැරියක් සහ ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
කඳපොළ සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ සවස ඇඳ හැලුනු අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මෝටර් රථය ලිස්සා යාමෙන් තේ වත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදුවී අැත.