බංගලා දෙකක අනවසරයෙන් අරක්ගෙන ඉන්න හිටපු ප්‍රබලයෝ දෙන්නෙකුට දුම්මල...
ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් බද්දට ලබාදී තිබෙන වතු සමාගම් දෙකකට අයත් වතු බංගලාවල අනවසරයෙන් පදිංචිවී සිටින දේශපාලඥයන් දෙදෙනාගෙන් එම බංගලා වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට දැනුම්දී තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දික්වැල්ල වතුයාය සහ උනුගල්ල වතුයාය සමාගම් දෙකකට මීට වසර කීපයකට ඉහතදී බද්දට ලබාදී තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් දික්වැල්ල වතු බංගලාවකද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් උණුගල්ල වතුයායේ වතු බංගලාවකද දැනට කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටින බව අනාවරණය වේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය අදාළ වතු බාරගත් සමාගම් සමග ගිවිසුම් ගතවීමේදී දේශපාලඥයන්ට වතු බංගලාවල පදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමට ගිවිසුම්ගතවී නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
මේ අනුව, අදාළ වතු බංගලා දෙක වහාම බාරගන්නා ලෙස අමාත්‍යාංශය විසින් එම වතු සමාගම් දෙකට දැනුම්දී තිබේ.
You may like this video