අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක්ම මැතිවරණ අත ඇරලා..

By Piyumika Nov 04, 2024 07:53 AM GMT
Report

මැතිවරණ අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක් පමණ කිසිදු ප්‍රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ප්‍රධාන පක්ෂ පහක අපේක්ෂකයන් හැරුණු කළ සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිසිවක යෙදී නැතැයිද ඔහු සඳහන් කළේය.

අයි රත්තරන් ඔයා මෙච්චර ගණන්..

අයි රත්තරන් ඔයා මෙච්චර ගණන්..

මේ අතර ප්‍රධාන පක්ෂ පහේ බොහෝ අපේක්ෂකයන්ද ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කිරීම සීමා කර ඇතැයි පවසන හෙට්ටිආරච්චි මහතා මැතිවරණ වියදම් පනත ප්‍රකාරව වියදම් සීමා කිරීමට සිදුව ඇති හෙයින් එසේ කටයුතු කරන බවද සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂ පහේ අපේක්ෂකයන් බහුතරයක් ගම්මට්ටමින් ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම වැඩි කර ඇතැයිද පෙනී යන බව පැෆරල් සංවිධානය පවසයි.

ලොහාන් ගේ බිරිඳ රෂි ප්‍රභාත් රිමාන්ඩ්...

ලොහාන් ගේ බිරිඳ රෂි ප්‍රභාත් රිමාන්ඩ්...

මෙම අපේක්ෂකයන් පිරිසෙන් තෝරා ගැනෙන්නේ එකසිය අනූ හයදෙනෙකු පමණි.

ඒ අනුව අපේක්ෂකයන්ගෙන් සියයට අනූ අටක් පරාජයට පත්වන බව හෙට්ටිආරච්චි මහතා කීය.