අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
අභිෂේකව විමලවීර යනු ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය ගායන ශිල්පිනියක්.
ඇය ගැන කතා කරද්දි ඇය බොහෝ අවස්ථාවන්වලදී ලස්සන ගීත නිර්මාණ රැසක් සමගම ප්‍රේක්ෂකයන් හමුවට ආපු චරිතයක්.
එවගේමම ඇය බොහෝ ප්‍රදේශවල තමන්ගෙම ගීත එකතු කොට ලස්සන ප්‍රසංග රැසක් පවත්වපු කලාකාරිනියක් ලෙසත් හදුන්වන්න පුලුවන්.
ඉතින් මේ වන විට ඇය ජීවිතේ ඉතාමත් අසීරු කාල සීමාවක් පසු කරන බවට ඇය විසින් සඳහන් කරනවා.
ඒ ඇයගේ ආදරණීය මව හදිසියේම අසනීප වීමත් සමඟයි.
මේ වන විට ඇයගේ මව අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඇය සංගීත කටයුතුවලින් මඳක් ඈත්වී මව ළඟම ඉඳගෙන මම අම්මව කොහොම කොහොමහරි නැගිට්ටවනවා කියන චේතනාවෙන් ඇයව රැක බලා ගන්න සූදානම්.
ඉතින් අභිෂේකා සඳහන් කරන ආකාරයට අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ ජීවිත මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් හිතා ගන්නවත් බැරි විදිහට වෙනස් වුණා කියලා තමයි ඇය සඳහන් කරන්නේ.
කෙසේ නමුත් ඇය රසිකයන් අතරින් සදහටම සමුගන්නේ නැත ඇය සඳහන් කරන ආකාරයට මවගේ අසනීප තත්ත්වය තාවකාලිකව හෝ සුව වෙන තෙක් ඇය කලා කටයුතුවලින් මඳක් ඈත්ව සිටියි.
ඉතින් ඇයගේ ආදරණීය මවට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.