ක්‍රීඩා ලෝලීන් සංවේදී කරමින් මනුස්සකම විදහා පෑ ස්පාඤ්ඤ ක්‍රීඩකයා..(PHOTOS)
මෙම කෙන්යානු ධාවකයා අබෙල් මුතායි Abel Mutai මතක තබා ගන්න! ඔහු අවසන් රේඛාවට අඩි කිහිපයක් තිබියදී, නමුත් සංඥා පුවරුව සමඟ ව්‍යාකූල වී ඔහු තරඟය අවසන් කළේ යැයි සිතා නතර විය.
ස්පාඤ්ඤ ධාවකයෙකු වන අයිවන් ෆර්නැන්ඩස් ඔහුට පිටුපසින් සිටි අතර, සිදුවන්නේ කුමක්දැයි වටහා ගෙන කෙන්යානු ජාතිකයාට දිගටම දුවන ලෙස පවසමින් කෑ ගැසීමට පටන් ගත්තේය.
මුතායි ස්පාඤ්ඤ භාෂාව දැන නොසිටි අතර ඔහුට එය තේරුනේ නැත. සිදුවෙමින් පවතින දෙය වටහාගත් අයිවන් ෆර්නැන්ඩස්, මුතායි ජයග්‍රහණය කරා තල්ලු කළේය.
මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන්, "ඇයි ඔයා එහෙම කළේ?" යැයි ඇසුවේය. අයිවන් පිළිතුරු දුන්නේ, "මගේ සිහිනය නම් කවදා හෝ අපි එකිනෙකාට තල්ලු කරගෙන ජයග්‍රහණය කිරීමට උදව් කරන ආකාරයේ ප්‍රජා ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන එකයි."
එහෙත් මාධ්‍යවේදියා තරයේ කියා සිටියේ, "නමුත් ඔබ කෙන්යානු ජාතිකයාට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ ඇයි?" අයිවන් පිළිතුරු දුන්නේ, "මම ඔහුට දිනන්න දුන්නේ නැහැ, ඔහු දිනන්නයි ගියේ, තරඟය ඔහුගේ වෙලයි තිබුණේ."
මාධ්‍යවේදියා යළිත් වරක් අවධාරනය කළේ, "නමුත් ඔබට දිනන්න තිබුණා!" අයිවන් ඔහු දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය, "නමුත් මගේ ජයග්‍රහණයේ වටිනාකම මොකක්ද? ඒ පදක්කමේ ඇති ගෞරවය මොකක්ද? මගේ අම්මා ඒ ගැන මොකක් හිතයිද?"
යහගුණ වටිනාකම් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන්නකි. අපි අපේ දරුවන්ට උගන්වන වටිනාකම් මොනවාද? අපි අපේ දරුවන්ට ජයග්‍රහණය සඳහා වැරදි මාර්ග සහ ක්‍රම කියා නොදී සිටිමු. ඒ වෙනුවට, උපකාරක දෑතක සුන්දරත්වය සහ මනුෂ්‍යත්වය අපි ලබා දෙමු.
මක්නිසාද යත් අවංකකම සහ සදාචාරය ජය ගන්නා බැවිනි.(උපුටාගැනීමක්)