අබ්දුල්ලා අල්මුටෙයිරි නැවත ලංකාවේ! මාර්තු මාසේදී පාපන්දු කණ්ඩායමට තවත් පිම්මක්

Report

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල්මුටෙයිරිගේ පළමු කොන්ත්‍රාත්තු කාලය අවසන් වී දිවයිනෙන් බැහැර වී ඇතත්, ඔහු මාර්තු මාසයේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට වැඩි ඉඩකඩක් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයක් ඇති මෙම කුවේට් ජාතික පුහුණුකරුවා නැවත පැමිණීම සිදුවුවහොත් එය ප්‍රධාන වශයෙන් තරග කාලසටහන සමඟ සම්බන්ධ වනු ඇති බවත්, මාර්තු මස 31 වැනිදා තායිපේහිදී චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 2027 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ අවසන් කාණ්ඩ තරගය සඳහා ඔහු පාලනයට එක්විය හැකි බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ.

එසේම, ඔහු නැවත පැමිනියද අඛණ්ඩව දිවයිනේ රැඳී සිටීමට වඩා තරග නොමැති කාලයන්හිදී වෙනත් ඉහළ සමාජ හෝ තරගාවලි සමඟ වැඩ කිරීමට ඉඩ ලැබෙන ආකාරයකින් ගිවිසුම් සකස් කිරීමට හැකිවනු ඇති බවත් එමඟින් ඔහුගේ ආර්ථික ශක්තියද වැඩිදියුණු වනු ඇති බවත් ජස්වර් උමාර් මහතාගේ ප්‍රකාශවලින් ඉඟි වේ.

මේ අතර පසුගිය කාලයේ අල්මුටෙයිරිගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දියුණුවක් අත්කර ගෙන ඇති බැවින්, නව කොන්ත්‍රාත්තුවක් යටතේ දිගුකාලීනව ඔහුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලාපොරොත්තු වන බව වාර්තා වේ.

වවුනියාව උණුසුම් වෙයි - කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා විරෝධය

වවුනියාව උණුසුම් වෙයි - කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා විරෝධය

පාකිස්ථානය ඕනවට වඩා වැඩි.. අයි.සී.සීය තරමක් තදින්!

පාකිස්ථානය ඕනවට වඩා වැඩි.. අයි.සී.සීය තරමක් තදින්!