මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් කොටුවෙයි

Report

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට නීති විරෝධීව කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇය විසින් සිය ගමන්මළු ඇතුළත කෘතිමව සැකසු ලී රඳවනයක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 290ක් රේගු නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සොයාගත් කුෂ් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් මිලියන 33ක් වන බවයි රේගු නිලධාරින් පැවසුවේ.

සැකකාරිය කොලඹ 10 ප්‍රදේශයේ තරුණියක් වන අතර ඇය රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබෙනවා.

සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද අලුයම භාර දී ඇත්තේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහායි.

ඉරාන - ඇමරිකා න්‍යෂ්ටික ගිවිසුම් සාකච්ඡාවක්

ඉරාන - ඇමරිකා න්‍යෂ්ටික ගිවිසුම් සාකච්ඡාවක්