තාප්පයට යට වූ තරුණිය

By Zara Mar 24, 2025 12:10 PM GMT
Report

අද (25) දින කළුතර, පනාපිටිය ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩාවැටීමෙන් ඊට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තම පෙම්වතාගේ මිත්තණිය බැලීමට ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබුණා.

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ප්‍රසාදිනී ප්‍රියංගිකා සිය පෙම්වතා සමඟින් ඔහුගේ මිත්තණියගේ සුවදුක් බැලීමට කළුතර පනාපිටිය ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේදීය.

නිවසේ ඇති කරන එළුවන්ට ආහාර ලබාදීම සඳහා පෙම්වතා නිවස පිටුපසට ගොස් ඇති අතර ප්‍රියංගිකා ද එම මොහොතේ නිවස පිටුපස තාප්පය අසල සිට තිබෙනවා.

එහිදී එක්වරම තාප්පයේ කොටසක් කඩාවැටී ඇති අතර ප්‍රියංගිකා ඊට යටවී තිබෙනවා.

නිවැසියන් කඩිනමින් ඇය ව රෝහල් ගත කළත් ඒ වනවිටත් ප්‍රියංගිකා මියගොස් තිබුණි.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

පිටසක්වල ජීවීන් පෙන්නලා සංචාරකයන් ගෙන්වනවා..- නියෝජ්‍ය ඇමති කියයි

පිටසක්වල ජීවීන් පෙන්නලා සංචාරකයන් ගෙන්වනවා..- නියෝජ්‍ය ඇමති කියයි