සුරංගනාවියක් වගේ ලස්සන.. අකාලයේ මිලින වුණ යුවතිය.. සද්දෙ ඇහිලා දුවලා ඇවිත් බලද්දි ඇස් අදහා ගන්න බැරි වෙලා..

Report

යුවතියකට සිදුවුණ හද සංවේදී කරවන පුවතක් පිළිබඳව තොරතුරු බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ 30 හැවිරිදි හංසිනී භාග්‍යා නම් තරුණියක් ය.

ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස කටයුතු කර තිබෙනවා.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.


රාජකාරිය නිමාකොට හංසිනී පසුගිය 11 වැනිදා පස්වරු 6.40ට පමණ තම නවාතැන වෙත පැමිණ තිබුණේය.

ඇය තවත් හිතවතියක් සමග නවාතැන් ගෙන සිටින්නේ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේ ය.

හංසිනී සිය රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිට ඇති අතර, නාන කාමරයේ සිට ඇති මිතුරියට කෑගැසීමක් ඇසී තිබෙන්නේ යමක් ඇදවැටෙන ශබ්දයක් ද සමගින් ය.

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..


වහා නාන කාමරයෙන් ඉවතට පැමිණ බැලූ මිතුරිය දැක ඇත්තේ නවාතැන පසුපස තිබූ අනාරක්ෂිත ස්ථානයකින් හංසනී පහළට වැටී ඇති බවයි.

ඉහළ මහලෙන් සෘජුවම පහළට නිරාවරණය වන එම අනතුරුදායක ස්ථානයේ කලක සිට කිසිදු බැම්මක් හෝ ආවරණයක් තිබී නොමැත.

වහාම 1990 ගිලන්රථයක් ගෙන්වාගෙන හංසනී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට නිවැසියන් කටයුතු කර තිබුණි.

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..


නමුත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හංසිනී ඊයේ (14) පස්වරුවේ මෙලොව හැරදා ගියා ය.

දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වන හංසිනී උපාධිධාරිණියක් ය.

කෙසේ වෙතත්, ඇය සිටි නවාතැනේ අනතුරුදායක ස්ථානය පිළිසකර කර තිබුණා නම් මේ වටිනා ජීවිතයට මේ ඉරණම අත් නොවේ.