දිය නෑමට ගිය තරුණයෙක්ට වුණ ඇබැද්දිය..

Report

අත්තනගලු ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ තංගමල ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක් ය.

මීට මාසයකට පමණ පෙර මියගිය තරුණයා අත්තනගල්ල දඹුටුව ප්‍රදේශයේ රැඳී සිටිමින් එම ප්‍රදේශයේම රැකියාවක් සඳහා පැමිණ තිබෙනවා.

ලබන සඳුදා සිට යළිත්.. දුම්රිය මගීන්ට දැනුම්දීමක් මෙන්න..

ලබන සඳුදා සිට යළිත්.. දුම්රිය මගීන්ට දැනුම්දීමක් මෙන්න..


රැකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමග අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් ඇත.

එහිදී මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව පැය හතරක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් යොදා තරුණයාගේ සිරුර සොයා ගෙන ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් පවත්වයි.