අනේ මේ එන්නේ තමන්ගේ මාරයා බව ඔහු කිසි විටකත් නොසිතන්න ඇති..
By Piyumika
වැසි ජලයේ පීනා ආ සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් වවුනියාව නෙඩුන්කෙණී පට්ටිකුඩීඉරිප්පු ප්‍රදේශයේ තරුණයෙකු 28 දා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
ඔහු වර්ෂාව නිසා ගෙදර මිදුලට පොල් ගසකින් වැටෙන් පොල් එකතු කරමින් සිටියදී වැසි ජලය දිගේ පීනා ආ සර්පයෙකු ඔහුට දෂ්ඨ කර තිබෙනවා.වහාම ඔහුව නෙඩුන්කේණී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් වවුනියාව මහ රෝහල දක්වා මාරු කර යවා තිබෙනවා.
අධික වර්ෂාව නිසා මහා මාර්ග ජලයෙන් යට වී තිබීම නිසා ගිලන් රථයට වවුනියාවට පැමිණීමට විශාල කාලයක් ගත වීම හේතුවෙනුයි එම තරුණයා මිය ගොස් ඇත්තේ.
නෙඩුන්කෙණී පොලිසිය සිද්ධිය සම්බන්දව පරීක්ෂණ පවත්වයි.
You may like this video