අද සිට ලබා ගත හැකි වටිනා සහන මල්ලක් - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

අද (02) දින සිට දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

අද සිට ලබා ගත හැකි වටිනා සහන මල්ලක් - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | A Yearly Concession Bag From Sathosa Branches

ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ය.

ඒ අනුව රු.4500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් ආහාර මල්ල රු.3420 ක සිල්ලර මිලකට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට හැකිය.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.


එම අවුරුදු සහන මල්ලට ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් , ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක් , ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක් , ග්‍රැම් 700 ඉදි ආප්ප පිටි පැකට්ටුවක් , මිලිලිටර් 350 විනාකිරි බෝතලයක් , සෝයාමිට් පැකට්ටුවක් , පරිප්පු ග්‍රැම් 500 , සුදු සහල් කිලෝ දෙකක් , පපඩම් පැකට්ටුවක් , සැමන් ටින් එකක් ඇතුළත් ය.

කෙසේ වෙතත්, එම අවුරුදු සහන මල්ල බැගය අසුරා පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසීය.