මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..

Report

විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති චතුරංග නැමැති පුද්ගලයාගේ විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූ ජනප්‍රිය තරුණ නිළියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වනවා.

මහනුවර කටුගස්තොට පාරේ පිහිටි ගොඩනැඟිල්ලක චතුරංග නැමැති පුද්ගලයා විසින් විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති බවයි මේ වන විට හෙළිව ඇත්තේ.

පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේලටත් කරන්න හැදූ කැත වැඩක් මාට්ටු වෙයි..

පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේලටත් කරන්න හැදූ කැත වැඩක් මාට්ටු වෙයි..


විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, එම විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට ඔහු විසින් තරුණ ජනප්‍රිය නිළියන් යොදාගෙන ඇති අතර ඒ අය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක්ද කර ඇති බවයි.

යුරෝපීය රටවල සංචාර, අධ්‍යාපන වීසා, ඇතුළු කටයුතු සඳහා යැයි සඳහන් කරමින් මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී ඇත.

රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළු රැගෙන යාමේ ජාවාරමේ ප්‍රධානියකු වන්නේ ද මෙම චතුරංග නම් පුද්ගලයා බවයි පැවසෙන්නේ.

මේ වන විට ඔහු පෝලන්තයේ රැදී සිටින බවි වාර්තා වන්නේ. ඔහු රුසියාවේ රැදී සිටින බව පවසමින් මෙම ඡාවාරම කරගෙන ගොස් ඇති බවට තහවුරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..


චතුරංග නැමැති මෙම පුද්ගලයාගේ විදේශීය තරුණ නිළියන් කිහිප දෙනෙකු ඇතුළු තරුණියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඇති බවද අනාවරණය වී ඇත.

තවද මේ දිනවල මෙරට රූපවාහිනී නාලිකා කිහිපයකම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑමෙන් දායක වන නිළියන් තිදෙනෙක් ද ඒ අය අතර සිටින බවයි වාර්තා වන්නේ.