මෙක්සිකෝවට ලැබුණු අපූරු ගළවාගැනීමේ තෑග්ග.
By Wayomi
තුර්කිය විසින් මෙක්සිකෝවට අර්කේඩස් ලෙස හඳුන්වන ගළවාගැනීමේ සුනඛයෙක් තෑගි කර තිබෙනවා.
ඒ, පසුගිය පෙබරවාරි මාසයේ සිරියානු දේශසීමාව අසළ සිදුවූ භූ කම්පනයේදී මුදාගැනීමේ මෙහෙයුම්වලට සහය වෙමින් සිටියදී මෙක්සිකානු ගළවාගැනීමේ නිල සුනඛයෙකු මියයෑම හේතුවෙන්.
එලෙස ත්‍යාග ලෙස ලබාදී ඇත්තේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ මාස තුනක් වයසැති පැටවෙකු බවයි වාර්තා වන්නේ.
තුර්කි භාෂාවෙන් මිතුරා ලෙස හැදින්වෙන මෙම නාමය ලබාදී ඇත්තේ අන්තර්ජාලය මගින් පවත්වනු ලැබූ ඡන්දයකින් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |