අනන්‍යතාව හෙළි නොවූ කාන්තා මරණයක්..

Sri Lanka Police Vavuniya Sri Lanka Death
By Piyumika Sep 11, 2024 04:25 AM GMT
Piyumika

Piyumika

Report

වවුනියාව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

දුම්රිය ප්‍රමාදයක් පිලිබද දැනුම්දීමක්

දුම්රිය ප්‍රමාදයක් පිලිබද දැනුම්දීමක්

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (10) පුලියන්කුලම හා ඕමන්ත අතර ප්‍රදේශයේදීයි. යාපනය සිට වවුනියාව දෙසට ධාවනය වූ දුම්රියේ අදාළ කාන්තාව ගැටී මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය පැවසිය.

කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක් ව තිබෙනවා. එම ස්ථානයේ දී ම කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළි ව නැත.

හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

මරණකාරිය වයස අවුරුදු 35-45ත් අතර වයසේ පසුවන්නියකි.

ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.