වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ වනඅලි මෙහෙයුමක්,අලි මෙහෙයුම අතර තුර ආනපල්ලම පාසලේ දරුවන් පාසලෙන් එලියට ගෙන අවදානමක් ගත් විදුහල්පතිගේ කතාව..

Report

 වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනපල්ලම ප්‍රදේශයට ඊයේ (16) රාත්‍රියේ කඩා වැදුණු වනඅලියෙකු මේ වන විට ගම්මානයේ අතරමං වී තිබේ.

එම වනඅලියා අද(17) උදෑසන කාලයේ සිටම ආනපල්ලම පාසල අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින අතර එම අලියා එලවා දැමීම සදහා වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන්,පොලිසිය සහ ප්‍රදේශවාසින් විසින් අද උදෑසන මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා.

මේ වන විටත් වනඅලියා ගම්මානයේ රැදී සිටින අතර ඒ අතර තුර ආනපල්ලම පාසලේ විදුහල්පතිවරයා පාසල් දරුවන් විද්‍යාලයේ පංති කාමර වලින් එලියට ගෙන ගෙවතු වගා ක්‍රියාකාරකම් වල නිරත වෙමින් අවදානමක් ගෙන ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

වනඅලියා පාසල් භූමියට මීටර් ගනනක් දුරින් රැදි සිටින අවස්ථාවේ දී එවැනි අවදානමක් නොගන්නා ලෙස ප්‍රදේශවාසින් විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී ''මොනා හරි උනොත් මං බලාගන්නම්'' යැයි විදුහල්පතිවරයා පැවසූ බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.