අනේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද..බිරිඳ සහ පෙම්වතා එක්වී සැමියෙකුට සිදුකළ අහස පොළොව නුහුළන අපරාධය..(PHOTOS)

By Sewvandhi Oct 28, 2024 10:57 AM GMT
Report

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොඩගු දිස්ත්‍රික්කයේ කෝපි වත්තක තිබී පසුගිය 08 වැනිදා හඳුනානොගත් පිළිස්සුණු මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසිය එම ප්‍රදේශය හරහා ගිය වාහන පිළිබඳ සොයා බැලීමට CCTV දර්ශන පරීක්ෂා කර තිබෙනවා. ඒ මළ සිරුර හඳුනා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමගයි. 

එහිදී රතු පැහැති මෝටර් රථයක් ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති අතර, පසුව සොයා බැලීමේදී මෙම මෝටර් රථය රමේෂ් යන නමින් ලියාපදිංචි කර ඇති බවත්, ඔහුගේ බිරිඳ විසින් දින කිහිපයකට පෙර ඔහු අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් දමා ඇති බවටත්, පොලිසිය සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී පොලිසිය විසින් ඇයව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඇය සිය සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් සියල්ල හෙළි කර ඇති බවටයි.

ඇය එහිදී පවසා ඇත්තේ, මෙසේ මියගොස් ඇත්තේ, 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකුවන රමේෂ් නැමැත්තා බවත්, සැකකාරිය, ඇයගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු විසින් ඔහුව ඝාතනය කර මෙසේ සිරුර එම කෝපි වත්තට දමා ඇති බවත්ය.

පොලිසියට පවසා ඇත්තේ, ඇය යම් අවශ්‍යතාවයකට සිය සැමියාගෙන් ඉන්දීය රුපියල් කෝටි 08ක මුදලක් ඉල්ලා ඇති අතර, ඔහු එය ලබා දීමට ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය සිය සඟයන් සමග එක්ව ඔහුව ඝාතනය කළ බවයි.

ඒ අනුවයි සිය පෙම්වතා සහ යහළුවා සමග එක්ව ඔහුව ඝාතනය කර සිරුර කෝපි වත්තට දමා ගිනි තබා තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට සම්බන්ධ තිදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

GalleryGallery